Friday, January 3, 2020

මට යන එන මං නැතිවුණා. පිරිමින්ගේ අතින් අතට යන්න වුණා.." - උසස්පෙළට ඔන්න මෙන්න තියෙද්දි නාඳුනන හාදයෙක් එක්ක හාදවෙලා කාටත් හොරා පෙම් සුව විඳපු නිලුෂිට අත්වූ ඉරණම - Video

ගොඩක් මිනිස්සු ජිවිතේ එක්ක පොර බඳන්නේ ජිවිතේ අලුත් කරගන්න. ජිවිතේ ඉන්න තැනින් තව පොඩ්ඩක් හරි ඉහළට ඔසවලා තියන්න. දුක, වේදනාව අමතක කරලා දාලා, සතුට, ජයග්‍රහණය, සිනහව ජිවිතේට ළං කරගන්න.
 ඈත ගමක ඉඳන්, තමන්ගේ ජිවිතේට සතුට රැගෙන එන සිහිනයක් උපදිනකන් බලන් හිටපු තරුණියක් ගැන කතාවක්. ඒ නිසා හැඟුම් ගණුදෙනුවට පෙර මොහොතක් සිතන්න.


මේ කතාව නිලූෂී ගැනයි...

නිලූෂී කියන්නේ ගමේ හැදුණු අහිංසක කෙල්ලක්. නැතිබැරිකම් එක්ක ජිවිතේ ගැටගහගන්න නිලූෂිගේ අම්මයි තාත්තයි නිලූෂීව උස්මහත් කරන්න මහා වෙහෙසක් ගත්තා.

උසස්පෙළ කඩඉමට ඔන්න මෙන්න තියෙද්දි නිලූෂි මඟ තොටේ මුණ ගැහුණු නාඳුනන හාදයෙක් එක්කලා ඇස්වලින් කතා කරන්න පටන් ගන්නවා.

මේ 'ඇස් ගණූදෙනුව' දුරදිග යන්න වැඩි කල් යන්නෙ නැහැ. අන්තිමට නිලූෂිට ඒ 'පෙම්වතා' නැතුවම බැරි එකෙකු බවට පත් වෙනවා. කාගෙත් ඇස්වලට හොරා සබධකම් පැවැත්වුවා වුණත් ඒක නිලූෂීගේ අම්මටයි තාත්තටයි ආරංචි වෙන්න වැඩි කල් යන්නෙ නැහැ. තාත්තාගේ ඇනුම් බැනුම් අස්සෙ නිලූෂී තමන්ගේ පෙම්වත් කතා ප්‍රවෘත්තියට ඉදිරියේ වෙන දේ බලාගෙන හිටියා.

ඒත්... අවසානේ නොමනා තීරණයක් ගන්න නිලූෂී, පුංචි කාලේ ඉඳන් එයාව හැදුව අම්මවත් තාත්තවත් දාලා, අලුත මුණගැහුණු පෙම්වතා එක්ක ඈතකට පැනලා යනවා. ඒ ගිහින් නතර වෙන්නෙ පෙම්වතා දැන අඳුනන බෝඩිම් කාමරයක. ඉස්කෝලේ ගිහින්, උසස්පෙළ පාස්වෙලා අම්මලාට සලකන්න හීන මවපු නිලූෂීට අන්තිමට සිද්ධ වුණේ යහන්ගත වෙච්ච පිරිමියෙකුට බැලමෙහෙවරකම් කරන්න. ඒ පිරිමියා තමන් ඇඳින ගත්තු හාදයාට වඩා වෙනස් එකෙක් වග තේරෙන්න කල්ගත වෙනවා. හැමදාම මත් පැනට වතාවත් කරන ඔහු නිවසට එන එකත් එන්න එන්න අඩුවුණා.

දවසක්.... තමන්ට බදුලු යන්න වෙන බව කියලා, නිලූෂීව 'නැන්දා' කෙනෙක්ගේ ගෙදර නවත්තපු ඔහු අතුරුදන් වෙනවා. ඒත්.. ඇත්තටම ඒ 'නැන්දා'ට තමන්ව විකුණුනු බවක් නිලූෂී දැනන් හිටියේ නෑ. මුලින් 'මිස්' වුණ, පස්සෙ 'මැඩම්' වුණ ඒ කියන 'නැන්දා' නිසා නිලූෂීට පිරිමින්ගේ අතින් අතට යන්න සිද්ධ වෙනවා.

අවසානයේ 'ගණිකාවක්' කියලා සමාජය හංවඩු ගහන එකියක් බවට පත්වෙන මේ අහිංසකී ජිවිතේම නන්නත්තාර කරගන්නවා.

ඒත්.. මේ වෘත්තියට වෛර කරපු තරම කියන්නම නිලූෂී උත්සහ කරනවා මෙතනින් පැනලා යන්න. ඒත් ඇයට බැරිවෙනවා. ඒ එක්කම... තමන්ගේ "සේවිස්" එක හරියට නොදෙන තැන "ගණූදෙනුකාර" මහත්වරුනුත් අඩුවෙන්න ගන්නවා. මේ නිසාම... 'මැඩම්'ගේ දෝෂාරෝපණයට ලක්වෙන නිලූෂීව, මැඩම් විසින්ම මහා පාරට තල්ලු කර අරිනවා.

එතනින් පස්සෙ තමයි... තමන්ගේ ශරීරයට තදින්ම දැනෙන වේදනාවන් පලවා හැර ගන්න අදහසින් නිලූෂී, වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ. ඒත් ඈ ඒ වෙලාවේ දැනගන්නවා පිරිමින්ගේ අතින් අතට ගිය තමන් අවසානයේ දරුණු සමාජ රෝගයකට ගොදුරු වෙලා බව.

අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.

මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

නිලූෂිගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

No comments:

Post a Comment